දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21දා) පැවැති සාකච්ඡවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එක`ගතාවකට පැමිණීමට හැකිව තිබේ.

ඊයේ (21දා) දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාවේදී මූලික ප‍්‍රතිපත්ති රාමුව කෙරෙහි අවධානයට යොමු කෙරුණු බව සාකච්ඡාවට එක් වූ පක්‍ෂ දෙකේ නියෝජිතයෝ සඳහන් කළහ.

මැතිවරණයක් ඉලක්ක කරගෙන ගොඩනැ`ගෙන සන්ධානයක කල් පැවැත්මක් නොමැති බැවින් තිරසාර සන්ධානයක් ගොඩනැ`ගීමට අවශ්‍ය මූලික ප‍්‍රතිපත්ති පිළිබඳව එක`ගතාවයන්ට පැමිණීම පිළිබඳව ඊයේ දිනයේ සාකච්ඡා වූ බවද ඔවුහු සඳහන් කළහ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන සියලූ පළාත් පාලන ආයතනවල දෙපාර්ශ්වය එක්ව වැඩකිරීමේ ක‍්‍රමවේදයක් ඇති කරගෙන ඒ තුළින් ජනතා විශ්වාසය ගොඩනැ`ගීමට හැකි බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

දෙපාර්ශ්වය අතර ඊයේ (21 දා) පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවත් මීළ`ග සාකච්ඡුාව එළඹෙන අපේ‍්‍රල් මස 10 වැනිදා පැවැත්වීමටත් තීරණය වූ බවත් එම නියෝජිතයෝ කීහ.

මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, ආචාර්ය ජගත් වැල්ලවත්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, හිටපු ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල යන මහත්වරු එක් වූහ.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (21) පෙරවරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More