දේශීය පුවත්

විල්පත්තු රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව පරිසර සංවිධාන පවසා සිටියි.

ඔවුන් මේ බව සඳහන් කළේ විල්පත්තු සංහාරය පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි.

එහි නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් සඳහා වුවද මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමිවීමක් සිදුවී නොමැති පුද්ගලයන් හට බවත් නීති විරෝධි අයුරින් රක්ෂිත භූමියෙන් ඉඩම් අදාළ පවුල් වෙත ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය කෙරුණි.

මේ අතර විල්පත්තු වන සංහාරය පිළිබඳව තම අදහස් දක්වමින් පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් විල්පත්තුවේ මුල්ලික්කුලම් ග්‍රාමය ආසන්නයේ ඇති රක්ෂිත වනාන්තර පද්ධතිය තුළ කර්මාන්තපුරයක් ඇති කිරීම සඳහා අක්කර 75කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරගනිමින් තවත් වන සංහාරයක් සඳහා වන ව්‍යාපෘතිය මේ වන විටත් දියත් කර ඇති බවය.

ඊට අදාළ ඉඩම් ප්‍රමාණය නිදහස් කරන ලෙස ඉඩම් නිදහස් කිරීමේ කමිටුව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද උන්වහන්සේ පවසති.

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු විසින් මෙම ඉඩම් නිදහස් කිරීමට අවශ්‍ය මැනුම් කටයුතු සිදුකරමින් ඇතැයි ද ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More