පුරවැසි කොලම

2010 දී ලංකාවේ විදුලනය (විදුලි බලය ලබා ගැනීමේ හැකියාව​) තිබූ නිවාස ප්‍රතිශතය 88%. 2014 වෙද්දි ඒක 98.4 දක්වා වර්ධනය වුනා. අසන්න වශයෙන් 100% විදුලනයක් ඇති දකුණු ආසියාවේ එකම රට ලංකාව​.

2010 දී ගිගාවොට් පැය 10,714 ක් වුන ලංකාවේ විදුලිබල ඉල්ලුම 2014 වෙද්දි ගිගාවොට් පැය 12,357 දක්වා වර්ධනය වුනා. මේ ඉල්ලුමට මුහුණ දෙන්න රජය විසින් මෙගාවොට් 1066 ක නව විදුලි බලාගාර ජාතික පද්ධතියට එක් කලා. ඒ කාල සීමාව ඇතුලත අළුත් පුද්ගලික විදුලි බලාගාර එකතු වුනේ මෙගාවොට් 49 ක් පමණයි.

2015 ඉඳල 2017 වෙද්දි ලංකාවේ විදුලිබල ඉල්ලුම ගිගාවොට් පැය 13,090 ඉඳල 14,671 දක්වා වර්ධනය වුනත්, ඒ කාල සීමාව තුල රජය අළුතින් පද්ධතියට එක් කළේ මෙගාවොට් 14 (දා හතරක්) ක් විතරයි. ඒ වෙනුවට පුද්ගලික විදුලි බලාගාර මෙගාවොට් 226 ක් පද්ධතියට එක් කරන්න ඉඩ ලබා දුන්නා.

2014 දි රජය විදුලිබලය සඳහා ඉන්ධන (තෙල් සහ ගල් අඟුරු) වෙනුවෙන් වැය කල මුදල රුපියල් මිලියන 66,160 ක්. 2017 දි ඊ මුදල රුපියල් මිලියන 94,317 ක්. මේකට හේතුව නව ගල් අඟුරු බලාගාර ඉඳි කිරීම වෙනුවට මිල අධික තෙල් යොදා ගැනීමට සිදු වීම​.

2010 දි ලංකාවේ විදුලිබල ඉල්ලුමෙන් කර්මාන්ත සඳහා වැය වුනු ප්‍රතිශතය 31%. 2014 වෙද්දි මේක 31.6% දක්වා වර්ධනය වෙලා තිබුනා. ඒත් 2017 වෙද්දි මේක 30.1% දක්වා අඩු වෙලා.

2010 සිට 2014 දක්වා ලංකාවේ අධි සැර (කිලෝවෝල්ට් 220 සහ කිලෝවෝල්ට් 132) සම්ප්‍රේෂණ රැහන් ජාලයට අළුතින් කිලෝමීටර් 621 ක් එක්වුනා. ඒත් 2015 සිට 2017 දක්වා ලංකාවේ අධි සැර සම්ප්‍රේෂණ රැහන් ජාලයට අළුතින් එක්වුනේ කිලෝමීටර් 3 (තුනක්) පමණයි.

2010 සිට 2014 දක්වා ලංකාවේ බෙදාහැරීම් (වෝල්ට් 400) ජාලය වසරකට කිලෝමීටර් 4610 බැගින් වර්ධනය වුනා. ඒත් 2015 සිට 2017 දක්වා වර්ධනය වෙලා තියෙන්නෙ වසරකට කිලෝමීටර් 3080 බැගින්.

2015 ඉඳල 2017 දක්වා ලංකාවේ කිසිම විදුලි බලාගාර ව්‍යාපෘතියක් අළුතින් පටන් ගෙන නෑ. ඒ වෙනුවට 2015 වෙද්දි කලින් රජයෙන් ආරම්භ කරලා තිබුනු උමාඔය (මෙගාවොට් 120) ව්‍යාපෘතිය අනවශ්‍යය විදිහට කල්‍ යාමත්, සාම්පූර් (මෙගාවොට් 500) ව්‍යාපෘතිය නවතා දැමීමත් සිදු වුනා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More