පුරවැසි කොලම

ලංකාවට ආහාර සඳහා ආනයනික භාණ්ඩවල වටිනාකම පසුගිය අයවැයේ අයවැය පරතරය තරම් විශාලය. ආහාර සඳහා කිරිපිටි ඇතුළු නහුතයක් ද්‍රව්‍ය ගෙන්වන අතර ඊට අමතරව බල්ලන් සඳහා ද බලු කෑම විශාල ප්‍රමාණයක් ආනයනය කරයි. බලු කෑම නිකන් ආනයනය කිරීමට නොහැකිය. ඒ සඳහා සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සහතිකය අවශ්‍යය. ඒ සඳහා සම්පූර්ණ කළයුතු පිරිවිතරයන්ට අනුකූල වියයුතුය. අහඹු ලෙස ලබාගන්නා නියැදියන් මගින් සාම්පල පරීක්ෂණයට ලක්කළ යුතුය. ඒ විතරක් මදිය. ආනයනික බලපත්‍රය වර්ෂයකට වරක් අලුත් කරගත යුතුය.

බලු කෑම වලට එසේ වුවද? මානව ආහාර ලෙස ගන්නා කිරි පිටි වලට එසේ නොවන්නේ මන්ද? කිරිපිටි සාම්පල ලබා ගත් ආකාරය අපට මාධ්‍ය මගින් පසුගිය කාලයේදී දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳ විනිවිද භාවයක් හෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට හා අමාත්‍යාවරයාට පනතක් ගැන නිච්චියක් නැත. එහෙම දෙයක් ඇතුවා ද යන්න ඔවුන් නොදන්නා ගානය. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ශ්‍රී ලංකාප්‍රමිති ආයතනය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් හා වෛද්‍යවරුන් විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක් මුළු රටටම පෙන්වන ලදී.

එහිදී අපට හැඟුනේ මේ ඉහල පුටුවල ඉන්නා වෛද්‍යවරුන් හා ජෛව රසායනඥයින් හා වෛද්‍යවරයකු වූ අමාත්‍ය තුමා ද ඇතුළුව මේ අය සාමාන්‍ය පෙළවත් සමත් ද යන්නයි. මොවුන් විසින් අවසානයේ රස පරීක්ෂක වාර්තාවක් මගින් බහුජාතික සමාගම් මගින් ආනයනය කරන කිරිපිටි වලට සුජාතභාවය ලබාදීම සඳහා කරන ලද ඉදිරිපත් කිරීම් හා රස පරීක්ෂක වාර්තාවේ හතරේ පන්තියේ ළමයින්ගේ කථික තරගයකට හා වාර්තාව පොඩි එකාගේ ලියුමට දෙවෙනි නොවන්නේය.
ජනතාවගේ මුදල්වලින් ඉගෙනගෙන ජනතා මුදලින් යැපෙන රාජ්‍ය සේවකයන් ලෙස මෙම සියලු දෙනාගේ හැසිරීම පිළිබඳ පිළිකුල මිස වෙනයම් හැඟීමක් ඇතිවන්නේ ද?( සමහරු නම් ඉල්ලන්නේ වැහි නැති හෙන පමණි) මන්ද යත් සමාන්‍ය ජනතාවට වුවද මොවුන්ගේ මෙම දුප්පත් පෙනී සිටීම පිළිබඳ අවබෝධයක් නැති හෙයිනි.

සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපත් කළ වාර්තාව
ඉහත වාර්තාව අද වන විට පොදු වාර්තාවක් වන අතර සියලු මාධ්‍ය තුල එය පළවී ඇත. එනම් කිරිපිටිවල පරීක්ෂාව පිළිබඳ රජයේ ස්ථාවරය මෙය වන්නේය. රජය විසින් කරන ලද මෙම බොරුව ජනතාවට එසේම පිළිගන්න යැයි අමාත්‍යවරයාගේත් අවසාන ප්‍රකාශය වන්නේය.
එහෙත් එය එසේ බලහත්කාරයෙන් ජනතාවට පිළිගැනීමට ඉඩ හළ යුතු ද? මෙම ප්‍රෝඩාකාරී ආර්ථිකයේ දේශපාලනඥයින් විසින් අනුග්‍රහය දක්වන මේ මහා වංචාව හා බලහත්කාරී කිරිපිටි ත්‍රස්ත ත්‍රස්තවාදය මෙන්ම එය පවත්වාගෙන යන යාන්ත්‍රණයද හෙළිදරව් කිරීම අපගේ වගකීම වශයෙන් අප සිතන බැවින් ඔවුන්ගේ ක්‍රියාවලිය එකිනෙක පහදා දීමට අදහස් කරමි.

බොරු වාර්තා මඟින් ජනතාව රැවටීම

වාර්තාව ඉදිරිපත් කිරීම – ආහාරපාලන රසායනාගාරය ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සෞඛ්‍ය අමාත්‍යාංශය.

කිරිපිටි නියැදි ලබා ගත්ආකාරය – පැහැදිලි නැත

ප්‍රමාණය – 01

සාම්පල ලබා ගන්නා දිනය – 2019 01.16

ප්‍රතිඵල නිකුත් කළ දිනය – 2019.0 2 .01

පරික්ෂාවට ලක් කරන්නා – ප්‍රධාන රසායනිකඥයන්

නියැදි වර්ගය – සම්පූර්ණ යොදය සහිත කිරිපිටි

පරීක්ෂාකල ප්‍රමිතීන්/ ප්‍රමිතිය – SLS731: 2008

ප්‍රමිතිගත පරීක්ෂණ ක්‍රමවේද –
– SLS 735: Part 3:1987
– SLS 735: part 3:2:2009
– SLS 735: part 1: see 2: 2009
– SLS 313: part 2 : see 5: 2009
– ISO 3961 : 2009

මෙහි SLS 735 සියලු ඛාණ්ඩ හා ISO 3961 ප්‍රමිතීන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ප්‍රමිතිගත කර ඇත්තේ 2009 වර්ෂයේදීය. එහෙත් මෙම පර්යේෂණ ක්‍රමවේද ඉතාමත් ප්‍රාථමික වන අතර එම පර්යේෂණ ක්‍රමවේද ලෝකයේ මුල්වරට ඉදිරිපත් කළේ දෙවන ලෝක යුද්ධයටත් පෙර 1936 දී තරම් ඉතා අතීතයේ දීය. එනම් අදට වර්ශ 83කට පෙරය. අපේ ප්‍රමිති ආයතනය මෙම ක්‍රමවේද භාවිතා කළද ලෝකයේ කිසිම රසායනාගාරයක මෙම ක්‍රමවේද අද වන විට භාවිතා කරන්නේ නැත. ඉන්දියාවේ කිරි එකතු කරන ප්‍රාදේශීය මධ්‍යස්ථානවල පවා මෙයට වඩා උසස් රසායනික ක්‍රමවේද භාවිතා කරයි.

මෙම ගල් යුගයේ පරීක්ෂණ ක්‍රම මගින් කිරිපිටි වලට ආගන්තුක තෙල්වර්ග දමා නැතැයි කීමට කොහෙත්ම නොහැකිය. 2009 දී මව්බිම ලංකා පදනම විසින් එංගලන්තයේ රසායනාගාරය හරහා කරන ලද පරීක්ෂණයේදී කිරි පිටි වල අවම වශයෙන් මේදයෙන් 26% ක් ශාක තෙල් ඇති බවට සොයා ගන්නා ලදි. අද 2019 වර්ෂයයි.

2014-2015 වනතෙක් ලෝකයේ පසුගිය වර්ෂ 30-40 තුළ මෙවැනි පරීක්ෂණ වල සම්මත ක්‍රමවේදය වූයේ සාම්පල වල මේද අම්ල වර්ග පරීක්ෂා කර ඒවාගේ සම්මත අපගමනයන් මත ප්‍රථිපල නිකුත් කරයි.එහෙත් 2015 වන විට එම ක්‍රමවේදයද යල් පැන ගිය ක්‍රමවේදයක් බවට ලෝක විද්වතුන් තීන්දු කරන ලද්දේ එයද වඩා නිවරදි නොවන බැවින්, 2015 – 2016 කාලය තුළ මේද අම්ල පරීක්ෂාව වෙනුවට plant sterol නැමති ශාක මගින් පමණක් නිපද වන රසායනික සංයෝගයේ අඩංගුව පරීක්ෂා කිරීම රසායනික ලෝකයේ භාවිතයට ගැනුනු අතර එම ක්‍රමවේදය බොහෝ රසායනාගාර වල ප්‍රතීතරණය කරන ලදි. එහෙත් 2017 න් පසු වඩා නිවරදි ක්‍රමවේදයක් යැයි රසායන විද්‍යාඥයින් විසින් අනුමත කළ කිරි වල Tryglyceride අගය සොයා බැලීමේ ක්‍රමවේදය ලොව බොහෝ රසායනාගාරවල භාවිතයට ගනී. එය අද වන විට නිර්දේශිත අගයන් සම්මත කරන රසායනාගාර මගින් ද භාවිතා කරමින් පවතී.

එමනිසා 2015 වනතෙක් භාවිතා කරන ක්‍රමවේදයන් වන
01. Chromatographic
02. Electrophoretic
03. Immuno Enzymatic යන ක්‍රමවේදයන්ද යල් පැන ගිය ක්‍රමවේද වන අතර අද වන විට ලෝකයේ නවීන රසායනාගාර භාවිතා කරන්නේ මෙවැනි පර්යේෂණයන් සදහා

01. Capillary electrophoresis
02. PCR
03. Isotops ratio mass spectrometry

යන නූතන තාක්ෂණය ක්‍රමවේද සහ මෙවලම් වේ.

එහෙත් නැනෝ තාක්ෂණය සදහා වෙනමම ක්‍රියා කරන අමාත්‍යාංශයක් තිබෙන රටක අවුරුදු දෙකෙන් දෙකට නව තාක්ෂණයට අනුව පරිඝණක මාරු කිරීමට චක්‍රලේඛණ නිකුත් කරන රටක, අවුරුදු පහෙන් පහට ජනතාවගේ බදු මුදල් වලින් තීරුබදු රහිත වාහන ගෙන්වන හා ඒවා නිරන්තරයෙන් ඉල්ලන ඉහළ රාජ්‍ය නිලධාරීන් ඉන්නා රටක ජාතික සෙ!ඛ්‍ය විද්‍යායතනයේ ආහාර පාලන රසායනාගාරය දෙවන ලෝක යුද්දයටත් පෙර පැවති ප්‍රාථමික තාක්ෂණයන් පමණක් භාවිතා කරන්නේ මොවන්ගේ දැනුමේ දුප්පත්කමටද නැතහොත් රටක් රැවටීමට හා කිරිපිටි මාපියාවේ ඕනෑ එපාකම් පිරිමැසීමටදැයි ප්‍රශ්න කිරීමට සිදුවේ.

ශ්‍රී ලංකාව ආනයනික කිරි පිටි ගෙන්වා බෙදා හරින සමාගමේ කිරි පිටි පෙට්ටියෙහි SLS 731ට අනුකූල බවට රතුපාටින් ඔප්නංවා මුද්‍රණය කර ඇත. මෙම කිරි පිටි SLS – 731ට අනුකූල නම් ඒවාට කටුපොල් තෙල් වැනි ඕනෑම තෙල් වර්ගයක් කිරි මේදයෙන් 40%ක් දක්වා එක් කළහ. ඉහත පරීක්ෂණ ක්‍රමවේද මගින් නිවරදිව හදුනා ගැනීමට නොහැකිය. එය එසේ මෙම ලියුම්කරු ප්‍රකාශ කළද එයටත් වඩා ලියුම්කරුගේ කියමන Fonterra සමාගම විසින් 2015 දී මොස්කව් නුවරදී කරන ලද ඉදිරිපත් කිරීමකින් තහවුරු කර ඇත. ඔවුන්ට අනුව මේද අම්ල වල එකතුවේ ප්‍රකාශනයන් ගන්නා නියදියක වුවද කටුපොල් තෙල් 40% දක්වා අඩංගුව තිබුනද SLS 731 ප්‍රමිති පරීක්ෂණ වලට වඩා නවීන පරීක්ෂණයක් වූ මේද අම්ල පරීක්ෂනයෙන් වූවාද සොයා ගැනිමට අපහසුය. එසේනම් 1936 තාක්ෂණයට නිවරදි පරීක්ෂණයක් කෙසේ කළ හැකිද? ඔවුන්ගේ ප්‍රකාශනයක ඇති ග්‍රැපික් සහිත විස්තරකරණයට අනුව මේද අම්ල එකතුව පරික්ෂාවද ගල් යුගයේ පරීක්ෂාවකි. එසේනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ක්‍රමවේදය ජුරාසික් යුගයට අයිති ඒවා විය යුතුය.

බහුජාතික සමාගම් ඔවුන් විසින් Fat Filled Dairy ලෙස කිරි මේදය වෙනුවට 100%ක් palm oil දමා නිපදවන නිශ්පාදන ඇත. ඒවා palm oil දැමූ කිරි ආහාර ලෙස යුරෝපයට සහ ඇමෙරිකාවට රසකැවිලි ආහාර සහ යෝගට් අයිස්ක්‍රීම් නිපදවීම සදහා විකුණයි. එමෙන්ම මෙම නිශ්පාදන තුන්වන ලෝකයේ මිනිසුන්ට දැරිය හැකි මිලකට යැයි කියමින් විකුණනු ලැබේ. ඔවුන්ගේ fat filled dairy නිශ්පාදන වෙළෙඳපොළ වර්ෂයකට 5% කින් වර්ධනය වේ. ඒ ගැන ලෝකයේ අනෙක් රටවලට ඔවුන් මෙම නිශ්පාදන fat filled dairy ලෙස ඇත්ත කියා තම නිශ්පාදන විකුණනු ලබයි. මන්ද ඒ රටවල් දුප්පත් වුවද, කොපමණ ජරාජීර්ණ සමාජයක් වුවද, බහුජාතික සමාගම් වලට තම ජනතාව රවටා, බොරු කර, palm oil සහිත පිටිකිරි, පූර්ණ යොදය සහිත කිරිපිටි ලෙස විකිණීමට තරම් ඔවුන්ගේ පාලකයන් ඉඩදී නැත.

බංගලි දේශයේවුවද එසේ ය. එහෙත් අපේ රටේ චිරාත් කාලයක් දේශ පාලකයින්ගේ උවමනාවට හා බහුජාතික සමාගම්වල කූඨ වෙළඳ ප්‍රචාරයන්ට මෙම ජාත්‍යන්තර ආර්ථික ha දේශපාලන වහලුන් වූ අපේ නායකයන්ගේ ආශිර්වාද පිට මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතී. මෙම ජාවාරම ගැන ජනතාව නිරන්තරව කතා කළ ද එය සොයා බලා නිවැරදි කරනවා වෙනුවට ඒම ජාවාරම තව දුරටත් කරගෙන යෑමට අදාල රාජ්‍ය නිලධාරීන් හා දේශපාලන අධිකාරිය විසින් කරන මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග දැන්වත් නැවැත්විය යුතුයි.

එසේ නොකර ඒ වෙනුවට ජනතාවට විරුද්ධව උසාවි යාමෙන් හෝ ඇස් වසන වාර්තා මඟින් ජනතාවට කොළේ වසා තවදුරටත් මෙම වංචාව කරගෙන යාමට නොහැකි තරමට ජනතාව තුළ කිරි පිටි වල ගුණාත්මක තත්වය මත ඇතිවී ඇති සැකය දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. එම නිසා අදාළ ප්‍රධානීන්ගෙන් හා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නේ කිරිපිටි වැනි ආහාර සඳහා ජනතා හිතවාදී අනපනත් ශක්තිමත් කර ඒවා නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම සඳහා අවශ්‍ය ලොව පිළිගත් නවීන පරීක්ෂණ භාවිත කරන ලෙසත් ඒ සඳහා දැනට භාවිතා කරන ක්‍රමවේද වඩා නිවැරදි විනිවිද පෙනෙන ආකාරයට ප්‍රතිස්ථාපනය කරන ලෙසය. එමෙන්ම කිරිපිටි ගෙන්වන සමාගම් වලින් අප ඉල්ලා සිටින්නේ ඔබ Fat filled Dairy ලෙස කිරිපිටි අප රටට ආනයනය කරන්නේනම් ඒවා එම නමින් ප්‍රචාරණය කර විකුනන ලෙසත් , සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ගෙන්වන්නේ නම් ඒවා එම නමින් විකුණ ලෙසත් , තෝරා ගැනීමේ අයිතිය අවංකවම ජනතාවට ලබා දෙන ලෙසත්ය.

Esee nomathiwa ඒ වෙනුවට තවදුරටත් දේශපාලනයඥයින්ගේ කොමිස් මුදල් සැපයීම සඳහා ජනතාව රවටා අඩු මුදලට දිය හැකි palm oil පිරවූ නිශ්පාදන ජනතාව රවටා පූර්ණ යොදය සහිත කිරිපිටි ලෙස වැඩි මිලට විකුනනවානම් හෝ විකිණීමට සිදුවනවානම් ඔබට අයිති වන්නේ ආනයනික කිරිපිටි ගැන ජනතා විශ්වාසය දිනෙන් දින ක්ෂයවන හා කිරි පිටි වලින් ඈත්වන ජනතාවක් සහිත වෙළඳපොලක් පමණි.

.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More