දේශීය පුවත්

ලංකාවේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරිම සඳහා ඕමානය මේ දක්වා තීරණයක් ගෙන නෙමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව ඇති බවට සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය. එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් ඕමානය මේ බව සඳහන් කර තිබේ.

එහි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයක් ලෙසින් ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව මෙම ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සිදුකිරිමට නියමිත බවයි.

එහි ඉදිකිරිම් මාර්තු 24 දා ආරම්භ කිරීමට නියමත බවත් එම අයෝජනය ඩොලර් මිලියන 3850ක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙම ආයෝජනයේ 30%ක් ඕමාන සමාගමක් විසින්ද 70%ක් සිංගග්පූරු සමාගමක් විසින්ද සිදුකරන බව නියොජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අපේ පැත්තේ කවුරුවත් මේ අයේජනය ගැන ශ්‍රී ලංකාවත් සමග සම්බන්ධ වී නෑ” යැයි ඕමාන ඛනිජ තෙල් හා ස්වාභාවික වායූ අමාත්‍යාංශයේ උප ලේකම් සලිම් අල් අවුෆි පෙරේදා (20දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.

“ ඒක මට ප්‍රවෘතියක් ලෙස ආවේ. මම දන්නේ නෑ ඩොලර් බිලියන 3.8ක චෙක් වලට අත්සන් කරන්න යන්නේ කවුද කියලා. ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර රජය විසින් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේදී වොක්ස්වැගන් සමාගම වාහන එකලස් කිරිමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම එය ප්‍රතික්ෂෙප කරමින් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More