ශ්රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික්‍ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත.
තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.
එම නිසා මේ යෝජනා කෙසේවත් ක‍්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කර සිටියේය.
මාරපන මහතා මෙම ප‍්‍රකාශය කළේ ශ‍්‍රී ලංකාවට හයිබි‍්‍රඞ් අධිකරණයක් අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙනි.
ශ‍්‍රී ලංකාව සියලූ ක‍්‍රියාමාර්ග ගන්නේ ව්‍යවස්ථාවට අනුව බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මාරපන මහතාගේ මෙම ප‍්‍රකාශයත් සමග සමුළු ශාලාවේ රැුස්ව සිටි දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් දැඩි නොසන්සුන්තාවකට පත් වූ බවක් දක්නට ලැබිණී.
ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිදු සාධාරණ විභාගයක් පවත්වා නැතැයි ද මාරපන මහතා කියා සිටියේය.
– Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...