දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ශ‍්‍රීලනිප – පොජපෙ සාකච්ඡාවලින් පසු ඒකාබද්ධ ප‍්‍රකාශනයක් කිරීමට පියවර

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවත්වනු ලබන ඉදිරි සාකච්ඡාවලින් අනතුරුව ගන්නා තීන්දු තීරණ පිළිබඳව ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට (19 දා) රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.

දෙපාර්ශ්වය විසින් පවත්වනු ලබන සාකච්ඡාවලින් අනතුරුව දෙපාර්ශ්වයේ ඇතැම් පිරිස් විසින් කරන ලද විවිධ ප‍්‍රකාශ හේතුවෙන් ගොඩනඟන පුළුල් සන්ධානයට ඇතිවිය හැකි යම් යම් බාධා නැවැත්වීම සඳහා මෙම පියවර ගත් බව (19 දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කුමන බාධක පැමිණියත් ගොඩනඟන පුළුල් සන්ධානයට ඉන් බලපෑමක් එල්ල නොවන බවත්, එකට හිටිමින් කාලයක් විරසක වී ඇති ඇතැම් අය එක් තැනකට ගැනීමට ටික කාලයක් යන බවද සියඹලාපිටිය මහතා කීය.

මේ වනවිට දෙපාර්ශ්වය විසින් පවත්වනු ලැබූ සාකච්ඡා ඉතා සාර්ථකව අවසන් වූ බවත් එහිදී ජනාධිපති අපේක්‍ෂකයකු ගැන සාකච්ඡාවක් නොකළ බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයකු ගැන කතා කිරීමට පෙර දෙපාර්ශ්වය විසින් ගොඩනඟන පුළුල් සන්ධානය ශක්තිමත් කිරීම මුලින්ම කළ යුතු බවත්, ඉන්පසු ඒ පිළිබඳව හා ජනතාව කැමැති අයෙකු තෝරා ගැනීමට හැකියාව ඇති බවද සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More