ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
මෛත්‍රි ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් වටවල ප්‍රාදේශිය රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ඉරණම විසදිමේ කාලය අවසන් වි ඇති බවයි.
එක්තරා යුගයක ජනතා විමුත්කි පෙරමුණ ආණ්ඩුවක් පාලනය කිරිමට රිමොට් කොන්ට්‍රොලයක් අතතිව සිටින බවට පවසා එම රිමොටයෙන් සිදු කලේ වෙනත් දේවල් බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට මේ වන විට දුෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා නැගි ඇති නිසා මේ රටේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණ පිරිහි ඇති බවද ආණ්ඩුකාරවරයා කියා සිටියය.
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදිජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් 50% වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නම් රටේ ජනතාවට දැනෙන විදිහේ වැඩ කොටසක් සිදුකල යුතු බවයි ආණ්ඩුකාරවරයා කියා සිටියේ.
ඇතැම් දේශපාලන නායකයින් එම ඡන්ද ප්‍රතිශතය එම අපෙක්ෂකයන්ට එම ඡන්ද ප්‍රතිශතය ලබා නොදිමට කටයුතු කරමින් සිටින බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...