ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වශයෙන් එල්ලවන බලපෑම්වලදී පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව තීන්දු තීරණ ගත යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසා සිටියි.
ජීනිවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ඊයේ (19) කොළඹදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේබව ප්‍රකාශ කළේය.
මෙරට සාමාන්‍ය ජන කොට්ඨාශ සියල්ලම ඉතා සංවේදී මනුෂ්‍ය කොට්ඨාශයන් බවත් රටේ බෙදීම් ඇති කරනු ලබන්නේ දේශපාලකයන් බවත් උන්වහන්සේ මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
විශේෂයෙන්ම මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් ජිනීවාහි නිත්‍ය නියෝජිතවරයා හට ජිනීවා යෝජනාවලිය සඳහා සම අනුග්‍රහය දක්වන ලෙස බලපෑම් එල්ල කර ඇති බවට උන්වහන්සේ චෝදනා එල්ල කර සිටියේය.
මෙහිදී ජාත්‍යන්තර අභියෝග හමුවේ සියළු දෙනා පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව ජාතික ප්‍රශ්නයක් ලෙස සිතා කටයුතු කරන ලෙස උන්වහන්සේ විසින් පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...