දේශීය පුවත්

2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ, අක්‍රමිකතා පිළිබද විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි ලබා ගැනීමේ කාලය අද පස්වරු 5ට අවසන්වීමට නියමිතයි.

මේ වන විට එම කොමිසමට පැමිණිලි 950ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගනුදෙනුවකට අදාලව අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අග්‍රාමාත්‍ය උපදේශක ආර්. පාස්කරලිංගම්ට එරෙහිව ඩොලර් මිලියන 100ක කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධව පැමිණිල්ලක්ද සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති බව වාර්තා වේ. එමෙන්ම වත්මන් රජයේ අමාත්‍යවරුන් බහුතරයකට එරෙහිව මේ වන විට විශාල වංචා, දූෂණ, අල්ලස් ගැනීම, කොමිස් ලබා ගැනීම් සම්බන්ධව පැමිණිලි ඉදිරිපත්ව ඇති බව අනාධිපති කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජයට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන මෙම කොමිෂන් සභාවේ පොලිස් ඒකකය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිංගප්පූරු – ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ඇතුළු සිද්ධීන් කිහිපයක මූලික විමර්ශන සඳහා අදාළ පුද්ගලයින් කැඳවා මූලික විමර්ශන ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More