මානව හිමිකම් සමුලුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්ති කඩකරමින් මානව හිමිකම් රකින්නේ කෙසේද? රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මේසේ ප්‍රශ්න කළේ ”ජාතික සමතා බලවේගය” වෙනුවෙන් ඊයේ එනම් 19 වන දින මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මෙම අවස්ථාවට ජිනීවාහී මානව හිමිකම් සමුළුවේ 40 වන සැසිවාරයට සහභාගී වීමට පැමින සිටින ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් පිරිසක්ද සහභාගී වුන අතර එහි ස්විට්සර්ලන්තයේ සභාපති එරික් මාකවිටගේ මහතා විසින් අදාල පෙත්සම මානව හිමිකම් කොමිසමේ සභාපති කොලේ සැක් මහතා වෙත පිළිගන්වන ලදී.
වීරසේකර මැතිතුමා පැවසුවේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2/(7) වගන්තිය අනුව කිසිදු ස්වෛරී රාජ්‍යයක අන්හ්‍යන්තර කටයුත්තක් සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බලයක් නොමැති බවත්, 2015 දී ගෙන ආ 30/1 නිර්දේශ වැරදි කරුනු මත පදනම්ව ගොඩනගා ඇතිබවත්, එබැවින් 40/23 නිර්දේශද බල රහිත කලයුතු බවත්ය. ශ්‍රී ලංකාවේ වෛරී පාලනය නැවත වතාවක් රට පාවා දුන් බවද, ජනපති වහා මෙම වරද නිවැරදි කලයුතු බවද එතුමා පවසන ලදී.
තවද, 2015 දී වෛරී පාලනය ජනතාව මුලා කරමින් රනවිරුවන් බේරා ගන්නා ලදැයි පැවසුවද මෙවර මහ කොමසාරිස්වරිය විසින්ම ජගත් ඩයස්, ජගත් ජයසූරිය, ශවේන්ද්‍ර සිල්ව, කමල් ගුනරත්න, ප්‍රසන්න හා චාගී ගාල්ලගේ යන රන විරුවන්ව පිට රටකට පැමිනි වහාම අත් අඩංගුවට ගන්නාලෙස උපදෙස් දී ඇති බවද පවසන ලදී.
මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් වසර 615ක් පැරනි ඇටකටු වලටද වත්මන් රනවිරුවන් වැරද කරුවන් කර ඇති බවද එයම මෙම 40/23 නිර්දේශ නිශ්ප්‍රභා කිරීමට ප්‍රමානවත් බවද, රටේ අවාසනාවට වෛරී පාලනය එසේ කොන්ද පන ඇතිව ක්‍රියා නොකරන බවද, වඩා කනගාටුවට කරුන වන්නේ විදවතුන් යැයි කියා ගන්නා සමහරක් විවාද වලට පැමින මෙම 40/23 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම සාධාරනය කිරීමට උත්සාහ කරීම පිලිබඳව බවත්ය.
මෙවර සම අනුග්‍රහය දැක්වීමෙන් අහෝසිවී යාමට තිබූ කූට යෝජනාවලියකින් මිදීමට තිබුන අවස්ථාවක් ගිලිහී ගිය බවද, එතුමා ඇතුලු ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව නව යෝජනා සඳහා සම අනුඝ්‍රහය දැක්වීම හෝ ප්‍රති යෝජනා ගෙන ඒම මුල සිටම ප්‍රතික්ශේප කල බවත් සමහර කරුනු කාරනා හරියාකාරව නොදත් සංවිධාන සහ පුද්ගලයින් ප්‍රති යෝජනා ගෙන ආයුතු යැයි පැවසුව බවත්, එහි ආදීනව දැන් පැහැදිලිව පෙනෙන බවත් ප්‍රකාශ කරන ලදී.
මෙවර බාරදීම පිණිස පෙත්සම සකස් කරන ලද්දේ මීට වසර දෙකකට පෙර “විරුවන්ගේ විත්ති වාචකය” සම්පාදනය කරන ලද නීතිඥ්ඥ දර්ශන් වීරසේකරය මහතා විසිනි.
සරත් වීරසේකර මානව හිමිකම්කොමසාරිස්වරිය පතුරු ගසයි ජාතීන්ට වෙනස් ආකාරයට සැලකීම පිළිබඳ ව කතා කරන විට අද අප කිව යුතුයි ,අද යුද හමුදාවේ සිංහල ජෙනරාල්වරු දෙමළ ත්‍රස්තවාදීන් පරාජය කළ නිසා දඬුවම් විඳින බව මෙම ජනරාල්වරු යුද පෙරමුණේ සිටි අය ජාත්‍යන්තර යුද අපරාධ විශේෂඥයන් හෙළා දැකපු එක්සත් ජාතීන්ගේ මහලේකම් ගේ විශේෂඥ වාර්තා වේ අඩංගු සාවද්‍ය යුද අපරාධ චෝදනා මත ජිනීවා ,මහ කොමසාරිස්වරිය සිතනවා ඔවුන්ට විරුද්ධව සර්ව ලෝක අධිකරණ බලය යටතේ නඩු පැවරිය යුතු ය කියා ඇය කියනවා දේශීය යාන්ත්‍රණයක් තිබුනේ නැත කියා .එය සත්‍යයෙන් තොරයි .දේශීය කොමිසම් තුනක් තිබුණා ඒ එකකින් වත් මේ කිසිම ජනරාල්වරයෙක් ට විරුද්ධව කිසිම අපරාධයක් කළ බවට ඔප්පු වී නැහැ ඇය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරනවා ජනාධිපති ඔහුව පත් කලේ සුදුසුකම් මත එය අපේ අභ්‍යන්තර කටයුත්තකි .එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව ඇයට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන්න බෑ.මහ කොමසාරිස්වරිය සමූහ මිනී වළ ගැනත් කතා කරනවා .අතුරුදහන් කාර්යාලය නියමිත කාලයට පෙර වෝහාරික පුරාවිද්‍යාඥයන්ගේ විරුද්ධත්වය මත කාබන් කාල නිර්ණය කිරීම සඳහා සාම්පල යැව්වෙ යුද හමුදාවට වගකීම පවරන්න .නමුත් ඔවුන්ගේ අවාසනාවට ඒ ඇටකටු වසර 600 ක් පැරණි බවට දැන් සනාථ වී තිබෙනවා .යුද හමුදාවට එරෙහි කුමන්ත්‍රණය ඉතා පැහැදිලියි .ඔවුන්ට විදේශීය රටවලට යාමට වීසා ලැබෙන්නේ නැහැ සාම .සාධක හමුදාවට යන්න වරම් නැහැ හේතුව යුද්ධයට සහභාී වූ නිසා මහ කොමසාරිස්වරිය සාවද්‍ය චෝදනා මත ඔවුන්ව සර්ව ලෝක අධිකරණ බලයට යටත් කරනවා. ඇමරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වුණේ මෙය දේශපාලනයේ අසූචි වළක් ය කියා .අපගේ රණ විරුවන් කෙරෙහි මහ කොමසාරිස් දක්වන මෙම පිළිකුල් සහගත ආකල්පය නිකි හෙලිගේ ඉහත ප්‍රකාශය තව දුරටත් සනාථ කරනවා .Sent from Yahoo Mail on Android
Gepostet von Maduranga Perera am Dienstag, 19. März 2019

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...