දේශීය පුවත්

මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.

බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම අද වැනි පොහොය දිනකදි සිදුව ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජානන් වහන්සේ තම පියාගේ ආරාධනාවකට අනුව සිය ඥාතීන් බැහැ දැකීමට කිඹුල්වත් නුවරට වැඩම කරන්නේ අද වන් දවසක බව බෞද්ධ ඉතිහසයේ සඳහන් වේ.

මීට අමතරව, ශාක්‍යන්ගේ මානය බිඳ දැමීම, සුද්ධෝදන පියරජු තෙවන වරට සිය පුතුට වන්දනා කිරීම, සුද්ධෝදන රජු මාර්ගඵල ලබා ගැනීම, යශෝධරා දෙවීයගේ ගුණ වර්ණනා කිරීම, රාහුල කුමරු පැවැදි කිරීම වැනි බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්තා කිහිපයක්ම සිද්ධ වූ උතුම් පොහෝ දිනයක් ලෙස මැදින් පුර පසලොස්වක පොහොය දිනය සලකනු ලබයි.

බුද්ධ චරිතයේ මෙම වැදගත් සිදුවීම් සිහිපත් කරමින් අද දිනයේ බෞද්ධ ජනයා දාන, ශීල හා භාවනා ආදී පිංකම්වල කටයුතුවල නියැළේති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More