විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද(19) කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී පස්වරු 1 ට ආරම්භ විය.
සබරගමු විශ්වවිද්‍යාලීය බඳවා ගැනීම් කප්පාදුවට විරෝධය පා මෙම පා ගමන සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් කොළඹ වොඩ් පෙදෙස හා ටවුන් හෝල් ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව වාර්තා වෙයි.
මේ අතර මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් කිහිපයක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...