දේශීය පුවත්

ස්ර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි එහි සේවකයෝ චෝදනා කරති.

එම ආයතනයේ සේවකයන් විසින ඊයේ (18දා) වෘත්තිය සමිතියක් ආරම්භ කර ඇති අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය මෙසේ තහනම් කර ඇතැයි එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්ව තිබේ.

ආයතනය තුල සේවකයන්ට ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීමට ඔවුන් විසින් වෘත්තීය සමිතියක්ද පිහිටුවාගෙන ඇති අතර මෙරට පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක පලමු වෘත්තිය සමිතියද එයයි.

ස්වරණවාහිනියේ සේවක පිරිස 300ක් පමණ වන අතර නව වෘත්තීය සමිතය සමගින් ඉන් 270ක් පමණම එක්ව සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More