නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයන කරන සමාගමක උසස් නිලධාරීන් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ විවිධ දේශපාලකයන් සහ නිලධාරීන් මුණගැසීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී ඇත.
අද දින එම අලෙවි නියෝජිතයන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ බලධාරීන් මුණගැසීමට යන බවද හෙළිදරව්වේ.
පසුගිය කාලයේදී එම ආයතනයේ යම් නිලධාරීන් විදේශ සමාගම්වල උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බවට චෝදනා එල්ල විය.
කිරිපිටිවල කිරිමේදය වෙනුවට වෙනත් තෙල් වර්ග එකතු කිරීමේ චෝදනාව එල්ල වූ අවස්ථාවේදී සහ බහුජාතික සමාගමක් රෝස මල් පෙන්වා ”බේතින් බාර්”නමින් සබන් වල රෙදි සෝදන කුඩු මිශ්‍ර කරන බවට චෝදනා එල්ල වූ විට එම ආයතනය අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි බවට චෝදනා එල්ල විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...