අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රචාරක කටයුතු සඳහා දැන්වීමක් සකස් කිරීමට රජයේ ප්‍රචාරක කටයුතු සිදුකරන ආයතනය වන සැලසිනේ ආයතනයට භාර දුන් අතර ඔවුන් අල්ලස් කොමිසමෙන් පවා අල්ලස් ගෙන තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවති අල්ලස සහ දූෂණය පිටුදැකීමේ පස් අවුරුදු (2019-2023) ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
හොර බිල් ඉදිරිපත් කරමින් සැලසිනේ ආයතනය අල්ලස් කොමිසමෙන් අල්ලස් ගෙන තිබූ බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
රජයේ කොන්ත්‍රාත්වලදී ඇස්තමේන්තුව සකස් කිරීමේදීම රජයේ නිලධාරීන් විසින් හොරකම් කරන ගණන ඊට එකතු කරන අතර එම තත්ත්වය වෙනස් කිරීමට යාමේදී ඇස්තමේන්තුව සකස් නොවන තත්ත්වයට පත්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වාදුන්නේ.
සුපිළිපන්න වීම සම්බන්ධයෙන් දිවුරුම් දුන්නද ඇත්ත තත්ත්වය මෙය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...