දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයට අදාළව දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ලබාදුන් හඬ පටයේ තිබූ කටහඬ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ බව රජයේ රස පරීක්ෂකවරයා සිදු කළ විමර්ශනයෙන් තහවුරු වී ඇත.

මෙම කටහඬ සාම්පල් වාර්තාව රජයේ රස පරීක්ෂකවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉකුත් සතියේ භාරදී තිබේ.

මේ අතර මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් දෙවැනි දිනටත් පෙරේදා (17 වැනිදා) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේය.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ඉකුත් වසරේ නොවැම්බර් මස 25 වැනිදා ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාළව හඬපට 23 ක් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබිණි.

මෙම හඬපටවල ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ කටහඬ සටහන් වී තිබිණි.

මෙම කට හඬපට තහවුරු කිරීමට මීට පෙර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ ද කටහඬ සාම්පල් පරීක්ෂා කිරීමට රස පරීක්ෂකවරයා කටයුතු කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබුණේ නාමල් කුමාර නමැත්තා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට හඳුන්වා දී තිබුණේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් බවයි.

– Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More