ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්‍ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පසුගියදා පැවැති සාකච්ඡාවේදී ගත් තීරණය පිළිබඳ දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හිටපු කථානායක චමල් රාජපක්‍ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ඌව පළාත් සභා හිටපු මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන් ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කර ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ අවසන් එකඟතාවට පැමිණ තිබේ.
මෙම එකඟතාව පිළිබඳව දැනුවත් කිරීමට අමතරව ජනාධිපතිවරයා හා රාජපක්‍ෂවරුන් අතර පවතින අන්‍යොන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කිරීම, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේදී සිදුවෙන බව පක්‍ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු නුදුරු දිනයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීම සඳහා යෑමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...