දේශීය පුවත්

කොළඹ, ගම්පහ, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ඇතුළු දිස්ත්‍රික්ක 7ක ඉඩම් අක්කර ලක්‍ෂ 12ක් ‘විශේෂ ආර්ථික කොරිඩෝවක්’ ඉදි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට ලබා දීම සඳහා වන සැලසුම අද (18) පාර්ලිමේන්තුවේ ඉඩම් අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා අනාවරණය කර සිටියේය.

එම ඉඩම් ප්‍රමාණය ලබා දීම පිණිස ශ්‍රී ලංකාවේ සියලු ඉඩම් මැනීමේ මුවාවෙන් ඇමෙරිකා එක්සත් ජනපද සමාගමකට ඩොලර් මිලියන 150ක කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව ද ඔහු එහිදී අනාවරණය කළේය. එම කොන්ත්‍රාත්තුව ඉහත ඇමෙරිකා එක්සත් ජනපද සමාගමට ලබාදීමට තීන්දු කළ ජනාධිපති ලේකම්වරයා, අමාත්‍ය ලේකම්වරු ඇතුළු නිලධාරීන් ඇතුළත් අනු කමිටුවේ ඇමෙරිකන් ජාතිකයන් 04ක් ද සිටින බව ද විමල් වීරවංශ මහතා ලේඛන සහිතව පෙන්වා දුන්නේය.

මෙම ලංකාවේ ඉඩම් මැනීම සඳහා වන කැබිනට් පත්‍රකාව ඉඩම් ඇමතිවරයා නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ එකක් බවත් පෙන්වා දුන් ඒ මහතා මේ සියලු සැලසුම් දියත් කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් බව ද පැවසීය.

එම කාර්යාලය අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටා ඇති බවත් ඒ බව ඕනෑම මොහොතක ඔප්පු කිරීමට තමන් සූදානම් බවත් වීරවංශ මහතා සඳහන් කළේ සිය කතාව අතරතුර සාගල රත්නායක ඇමතිවරයා නැඟූ රිති ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More