දේශීය පුවත්

මෙරට සිදුවූ මහ බැංකු වංචාවට සම්බන්ධ ප්‍රධාන වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිගප්පූරුවෙන් ලැබිය යුතු සහයෝගය නොලැබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම වගඋත්තරකරු සිටින බව කියන සිංගප්පූරු රජය මේ ගැන මීට වඩා වගකීමක් ගත යුතු බව කී ජනාධිපතිවරයා අඩුම තරමින් එම පුද්ගලයා එරට තුළ සිටින්නේද නැද්ද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් හෝ සිංගප්පූරු රජය කළ යුතු යැයි සඳහන් කළේය.

මහබැංකු වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මෙන්ම ඒ පරීක්‍ෂණ තවමත් කරගෙන යාම ගැන සතුටු විය හැකි වුවත් එහි ප්‍රධාන වගඋත්තරකරු තවම අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම ගැන තමන් කණගාටු වන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් අන්තර් ජාතික වරෙන්තු නිකුත් කර තිබියදීත් සිංගප්පූරු රජය මේ ගැන පසුබෑමක සිටින බව පෙනෙන්නේයැයි ද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු සැලැස්ම එළිදැක්වීම වෙනුවෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී අද (18) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More