යාපනය, අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධි වැලි ජාවාරමේ යෙදී සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පෙරේදා (16) පස්වරුවේ ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමකට බාධා කරමින් පහරදුන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හය දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පහරදීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ තිදෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ තිදෙනා අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරයකු සිටින අතර ඔවුහු ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුළත් කරන ලැබ සිටිති.
අරියාලේ ප්‍රදේයේ පිරිසක් වැලි කැපීමේ නිරතවන බවට විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුර වෙත ලැබුණු තොරතුරු මත එහි අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද ප්‍රේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකායේ සිවු දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පෙරේදා පස්වරු 5.30ට පමණ යතුරු පැදි දෙකකින් මුලින්ම එම ස්ථානයට ගොස් තිබිණි.
තුවාල ලැබූ විශේෂ කාර්ය බළකා භට පිරිසගේ තත්ත්වය බරපතළ නොවන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.
අරියාලේ ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම් බහුලව සිදුවන බවත් නිලධාරින් එම ප්‍රදේශයේ මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකරන බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.
යාපනය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...