ජිනීවා මානව හිමිකම් සමුළුව පසුගිය (25 දා) ආරම්භ වීමත් සමගම යුද හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනකු ඇතුළු ආරක්‍ෂක හමුදා නිලධාරීන් 47 දෙනකු විසින් ද්‍රවිඩ ජනතාවට වධහිංසා පමුණුවා ඇති බවට දක්වන වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
සුදුවෑන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, බුද්ධි සේවා ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු හමුදාපති ජගත් ජයසූරිය හා යුද හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මේ වාර්තාවේ මුලින්ම සඳහන් කර ඇත.
වධහිංසා පැමිණවීම් 76 කට සම්බන්ධ බවට මෙම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇතත් වධහිංසාවලට ලක් වූවන් කවුරුන් දැයි අනාවරණය කර නැත.
ඇය මෙම වාර්තාවෙන් නම් කර ඇති හමුදා නිලධාරීන් දෙදෙනකුගෙන් අයෙක් විදේශ පුහුණුව ලබන අතර තවත් නිලධාරියෙක් විදේශ රටක පිහිටි තානාපති කාර්යාලය සේවය කරයි.
මෙම වාර්තාවෙන් ඔවුන් නම් කර තිබීම නිසා එම හමුදා නිලධාරීන් දෙදෙනා දැඩි අසීරුතාවකට පත්ව ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...