දේශීය පුවත්

රහසිගත අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තමන්ගේ ජීවිතවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී ඇතැයි කියමින් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනකු විසින් ආරක්ෂක අමාත්‍යංශයෙන් සහ පොලිසියෙන් සුවිශේෂ ආරක්ෂාවක් සපයන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

2009 වසරේදී උතුරේ යුද්ධය හමාරවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ට මෙරටදී අන්තවාදී ත්‍රස්ත කල්ලියකින් තර්ජන එල්ල වී ඇතැයි චෝදනා නැගුණේ ප්‍රථමවරට බව ආරක්ෂක අංශ පවසයි.

ජාත්‍යන්තර සබඳතා ඇතැයි කියන මෙම ත්‍රස්ත කල්ලිය සුළු ජන කොටස් හා සිංහලයන් අතර ජාතිවාදී ආරවුල් ඇති කිරීම සඳහා ක්‍රියාකරන කණ්ඩායමක් බව රාජ්‍ය බුද්ධි අංශ මෙතෙක් කළ විමර්ශනයන්ගෙන් පැහැදිලි වී තිබේ.
මෙයට සම්බන්ධ ප්‍රධාන සාමාජිකයන් 4 දෙනකු දැනටමත් හඳුනාගෙන ඇත. ඔවුන් මෙරට තුළ ඉතා රහසිගතව පුහුණු කඳවුරු කිහිපයක් පවත්වා ඇතැයිද චෝදනා එල්ල වූ පිරිසකි. අඩ්ඩාලච්චේන, පොළොන්නරුව, මාවනැල්ල සහ පුත්තලමේ මෙකී අන්තවාදී සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරීන් යම් යම් සුළු සුළු මෙහෙයුම් සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කර ඇති බවද කියැවේ.

මෙම ත්‍රස්ත කල්ලිය වෙතින් තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරුන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ ආරක්ෂක ඇස්තමේන්තුවක් සකස් කිරීමට ආරක්ෂක මණ්ඩලයේ තර්ජන ඇස්තමේන්තු කමිටුව මේ දිනවල ක්‍රියාකාරමින් සිටී. එහි වාර්තාව ලද වහාම අදාළ ඇමැතිවරුන්ට දැනට ලබාදී තිබෙන ආරක්ෂාව තවත් තර කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වේ. මෙකී තර්ජන එල්ල වී ඇතැයි කියන අමාත්‍යවරු මහනුවර, කෑගල්ල හා පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන්නෝ වෙති.

– දේශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More