දේශීය පුවත්

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

විරෝධතා පාගමන යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර පාගමන යාපනය සරසවියෙන් ආරම්භ වී යාපනය නගරසභා වටරවුම දක්වා විරෝධතා පාඨයන් හා යුද අපරාධ හුවා දැක්වෙන ස්මරකයන් සමගින් සරසවි සිසුන් විශාල පිරිසක් මෙන්ම දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු නියෝජිතයින්,අතුරුදහන් වූවන්ගේ ඥාතීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් හා සාමාන්‍ය වැසියන්ද එක්ව 3,000 කට අධික පිරිසක් පා ගමනට සහභාගී වෙමින් ගමන් කරනු ලැබීය.

විරෝධතා පාගමන අවසානයේදී රැස්ව සිටි පිරිස්ට යාපනය විශ්වවිද්‍යාල සිසුන් දේශනයක් සංවිධානය කොට තිබුණද කිසිදු දේශපාලන නියෝජිතයෙකුට රැස්ව සිටි පිරිස් ඇමතීමට අවස්ථාවක් නොදීමද මෙහිදී විශේෂ විය.

විරෝධතාවයට සහභාගී වූවන් අමතා යාපනය විශ්ව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් කියා සිටියේ,

“ජාත්‍යන්තරය විසින් ශ්‍රී ලංකා රජයට යුද අපරාධ සම්බන්ධයෙන් මෙන්ම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් දුන් කාල සීමාවන් පමණටත් වඩා වැඩි හෙයින් තවත් කාලයක් ලබා දීම සාධාරණයක් නොවන හෙයින් හැකි ඉක්මනින් දෙමුහුන් අධිකරණයක් පිහිටුවා යුද අපරාධ සිදු කරන ලද පුද්ගලයින් නීතියට පමුණුවා ඔවුන්ට දඩුවම් ලබා දිය යුතු බවටය. එමගින් යුද්ධයෙන් බැට කෑ ජනතාවට සාධාරණත්වයක් ඉටුවන බවටත්ය”.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More