මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස වන යෝජනාවක් වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර තිබේ.
වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩි.බි.හේරත් මහතාගේ නිවසේ පැවති දානමය පිංකමක් අතර තුර පුජ්‍ය රැකව ජිනරතන හිමි විසින් මෙම යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
එම දානමය පිංකම සඳහා මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වී සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...