දේශීය පුවත්

අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමගින් ජාතින් අතර ආගම් අතර බෙදීමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) පස්වරුවේ මාතලේ සංඝානන්දාරාම විහාරස්ථෘනයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය විවෘත කිරීමේ උත්සවයේදී පැවසීය.

දින 52ක් ආණ්ඩු කිරීම ගැන සමහරු දොස් කියනවා. නමුත් එමගින් ව්‍යවස්ථාව 2/3න් සම්මත වීමට තිබූ අවස්ථාව නැති වුනා. ජනතාවට සහන රැසක් ලබාදීමට අපට ඒ කෙටි කාලය තුළ හැකි වුනා.

දහම් පාසලට දරුවන් යොදු කළ යුතුයි. පසුගිය කාලයේ විශාල වශයෙන් පාතාලය රජ කලා. මත්ද්‍රව්‍ය පැතිරුනා. අද ගම තුළටත් පාසල්වලටත් මත්ද්‍රව්‍ය ඇවිල්ලා. රජය මෙය මර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. අපි අපේ දරුවන් ගැන අවධානය යොමු කළ යුතුයි. ත්‍රස්තවාදය නිමකල නිසයි අපට මෙහෙම ජීවත් වීමට හැකි වී තිබෙන්නේ. පසුගියදා නවසීලන්තයේ 49ක් පල්ලියක් තුළ ඝාතනය කළා. එදා කාත්තන්කුඩි පල්ලිය තුළ සියයකට අධික පිරිසක් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළා.

අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතුව තිබූ අවස්ථාවක අපිත් සමග සිටි කණ්ඩායමක් ඡන්දය නොදී සිටියා. ඒ ගැන මම කණගාටු වෙනවා.

අපේ පාලනය කාලය තුළ අපි ණය ගත්තා. ඒ මුදලින් අපි රටේ සංවර්ධනය ඇති කළා. ඒක පුද්ගල ආදායම වැඩි කළා. දැන් ණය ගෙන කරන දෙයක් නැහැ. ණය ගෙවීමට ණය ගැනීමත්, එය ගෙවන්න රටේ සම්පත් විකිණීමත් අපි අනුමත කරන්නේ නැහැ. රටේ දේපල එකිනෙක විකිණීමට වත්මන් රජය කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා වැඩදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More