“ත්‍රිපිටකාභීවන්දනා”සතිය ආරම්භ කරමින් දඹුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය, දඹුල්ල පොලිසිය, ප්‍රජා පොලිස් ඒකකය හා නගරයේ ස්වෙච්චා සංවිධානයන්හි දායකත්වයෙන් මහා සංඝ රත්නය විසින් දඹුල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවක් ඊයේ (16 ) පෙරවරුවේ දඹුල්ලේ දී පවත්වන ලදි.
මෙම පිණ්ඩපාත චාරිකාව මගින් දඹුල්ල මුලික රෝහලේ නේවාසික රෝගීන්ගේ පරිහරණය සදහා අත්‍යවශය වන්නාවූ ද්‍රව්‍යයම ආධාර විශාල ප්‍රමාණයක් එක්රැස් කර රෝහල් පලනාධිකාරයට බාරදුන්හ,
අනතුරුව පිණ්ඩපාත චාරිකාවේ යෙදුනු භික්ෂුන්වහන්සේලට දහවල් දානය පිරිනැමීම දඹුල්ල පොලිසියේදී සිදුකරන ලදී.
එක්රැස් කරන ලද භාණ්ඩ පරිත්‍යාග කිරීම රන්ගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර, දඹුලු වළගම්බා මහා පිරිවෙනෙහි අධ්‍යක්ෂක හා මාතලේ දිසාවේ උප අධිකරණ සංඝනායක පුජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් හා දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමසිංහ මහතා විසින් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී සේනක හේවාමාන්න මහතා වෙත පිරිනමන ලදි.
දානමය පුණ්‍ය කටයුත්තට රන්ගිරි දඹුලු පාර්ශවයේ මහනායක,දඹුල්ල උයන්වත්ත විහරාධිපති පුජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල ,රන්ගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාර පුජ්‍ය අඹගස්වැවේ රාහුල යන හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය සහභාගිවුහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...