දේශීය පුවත්

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරදඬුවම් නියම වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල් මහතා එම තනතුරින් සහ මන්ත්‍රීධුරයෙන් ඉවත් කර තිබේ.

තනතුරින් ඉවත් කිරීමේ ලිපිය ද ඔහු වෙත ලැබී ඇති බව සඳහන්.

සභාපතිවරයාට එරෙහිව පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් පසුගිය පෙබරවාරි 19 වනදා පැවති ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා රැස්වීමේදී පළවී තිබුණු අතර අවසානයේ සභාවට පොලිසිය ගෙන්වීමට ද ඔහු ක්‍රියාකර තිබිණි.

2013 මැයි 26 වනදා ඇඹිලිපිටිය, දඬුහැතැක්ම ප්‍රදේශයේදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අඩන්තේට්ටම් කිරීම යන චෝදනාවලට වැරදිකරු වූ සභාපතිවරයාට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වසර පහකට අත්හිටවූ මාස 9ක සිරදඬුවමක් නියම වූයේ 2018 ජුලි 17 වනදාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More