දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා අන් කිසිවෙකු නොව රනිල් වික්‍රමසිංහ මහතාම බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග තහවුරු කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් දෙමල සහ මුස්ලිම් ඡන්ද දිනා ගනිමින් අග්‍රාමාත්‍යවරයාට පහසුවෙන් ජනාධිපතිවරණය ජයගත හැකි බව එජාප ජේෂ්ඨයන්ගේ මතය වී ඇත.

ග්‍රාමීය ඡන්ද ආකර්ෂණය කර ගනිමින් පාක්ෂිකයා ඡන්ද පොල වෙත ඇද ගැනීමට සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස නම් කිරීමටද එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරනු ලබන බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ තත්වය හමුවේ කරූ ජයසූරිය මෙන්ම චම්පික රණවකගේද ජනාධිපති සිහින බොඳව යනු ඇති බව එක්සත් ජාතික පක්ෂ එම අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

ජනාධිපතිධූරය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති චම්පික රණවක අමාත්‍යවරයාගේ මීලඟ පිම්ම කුමක් වේද යන්න එක්සත් ජාතික පක්ෂය තුල මේ වන විට කතා බහට ලක්වී ඇත.



One thought on “චම්පික, කරූ කැපෙයි.. එජාප ජනපති අපේක්ෂකයා රනිල්.. අගමැති අපේක්ෂකයා සජිත්..”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More