දේශීය පුවත්

අය-වැය අවසන් ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළකරමින් සිය ඡන්දය භාවිත කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

අයවැය ඡන්ද විමසීමේ ප්‍රථම අවස්ථාවේදීම ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අදහස් කළ නමුත් පක්ෂ සමගිය ආරක්ෂා කිරීම සඳහා අය-වැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉහළින් පැමිණි උපදෙසක් අනුව ක්‍රියාකිරීමට සිදුවුණු බව අද (16) මහනුවරදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ට හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තරයේ අදහස් කළත් පක්ෂයේ සමගිය ආරක්ෂා කරගැනීම සඳහා ලැබුණු උපදෙස අනුව ක්‍රියා කළ බව කී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, සමසමාජ පක්ෂය, කොමියුනිට්ස් පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ නව වාමාංශික පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය, තොන්ඩමන්, අතාවුල්ලා, හිස්බුල්ලා යන සියලු දෙනාගෙන් යුත් පුළුල් දේශප්‍රේමී වාමාංශික සමගියක් අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More