විදේශ පුවත්

2019 වසරේ මාර්තු මාසයේ 7 හා 8 යන දිනවල දී උතුරු අප්‍රිකානු රටක් වන ටියුනීසියාවේ ප්‍රධාන අගනුවර වන ටියුනස් (Tunis) හි රෝහලක අලුතෙන් උපත ලද ළදරුවන් 11 දෙනෙකු හදීසියේ මියගොස් තිබෙනවා. මේ හේතුවෙන් එරට සෞඛ්‍ය ඇමති අබ්දොරෝව්ෆ් චෙරිෆ් (Abderraouf Cherif) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් ම වාර්තා කර තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, ඇමතිවරයා සිය ධූරයේ දිවුරුම් දීමෙන් මාස හතරකට පමණ පසු මෙම සිදුවීම නිසා ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීම රාජ්‍ය මාධ්‍යයන් ඔස්සේ වාර්තා කිරීමෙන් අනතුරුව ඇමතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය එරට අගමැති යූසෙෆ් චැහැඩ් (Youssef Chahed) හමුවී භාර දී තිබෙනවා. පසුව අගමැතිවරයා විසින් ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙනවා.

උතුරු අප්‍රිකාවේ මහජන සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් විශිෂ්ටතම කීර්ති නාමයක් හිමි කරගෙන සිටින්නේ ටියුනීසියාව යි. නමුත්, 2011 වසරේ දී සිදු වූ ආණ්ඩු පෙරළියත් සමග එනම්, ජනාධිපති අල් අබිඩින් බෙන් අලි (Zine El-Abidine Ben Ali)ගේ ආණ්ඩුව විසින් රට පාලනය කිරීම ආරම්භ කිරීමත් සමග ටියුනීසියාව උග්‍ර ආර්ථික අර්බුදයකට හා පාලන ක්‍රමය පිළිබඳව ගැටළුවකට මුහුණ පා සිටින රටක් ලෙස නම් කළ හැකි යි.

ඒ හේතුවෙන් රටේ සෑම අංශයමක් ම අඩපණ වී ඇති බවත්, දූෂණ හා අක්‍රමිකතාවලින් රාජ්‍ය සේවය පිරී ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. රට මේ වන විට සම්පූර්ණ ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා.

ඉතාමත් හොඳින් පවත්වාගෙන ගිය රටේ මහජන සෞඛ්‍ය සේවය ද මේ වන විට අඩාල වී තිබෙනවා. ඊට මූලික හේතුව වී ඇත්තේ පවතින් උග්‍ර ඖෂධ හිඟය යි.

ටියුනස් හි ප්‍රධාන රෝහලක් වන රබ්ටා (Rabta) මාතෘ රෝහලේ අලුතෙන් උපත ලබන බිළින්දන් 11 දෙනෙකු පැය 24ක් ඇතුළත මරණයට පත් වීම ටියුනිසියාවේ ආන්දෝලනාත්මක පුවත් මවන සිදුවීමක් විය. මෙම සිදුවීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යංශය හා වගකිව යුතු අනෙකුත් පාර්ශව කටයුතු ආරම්භ කරනවා. සිදුවීම පිළිබඳව අධිකරණයෙන් සහාය පැතීමට ද ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා.

රුධිරයේ ආසාදනයක් නිසා මෙම මරණ ඇතිවෙන්නට ඇතැ යි දැනට සැක පහළ කරන අතර, විධිමත් පරීක්ෂණවලින් තවම නිශ්චිත හේතුවක් සොයාගෙන නෑ. මේ පිළිබඳව නිශ්චිත පරීක්ෂණ පවත්වා ඊට වගකිය යුතු පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව එරට අගමැති යූසෙෆ් චැහැඩ් ප්‍රකාශ කර තිබෙනවා.

මියගිය බිළිඳුන්ගේ පවුලේ පිරිස් ද මෙම විමර්ශනය විධිමත්ව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More