දේශීය පුවත්

හිටපු ආරක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකානු පුරවැසිකම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 6 වැනිදා බදාදා ඇමරිකානු තානාපති කාර්‍යාලයට අයදුම්පත්‍රයක් භාරදී තිබේ. එම භාරදුන් අයදුම්පත්‍රය ඇමරිකානු තානාපති කාර්යාලය මගින් වොෂින්ටනයේ පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තුවට යොමු කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකාවට ගොස් පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය මූලික ලේඛන සකස් කරගෙන පැමිණ පසුගියදා සති පුවත්පතකට ”දැන් පුරවැසිකම අදාළම නෑ” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ ඒ අනුවය බවද සදහන්වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ආගමන හා ජාතිකත්ව පනතේ 349/A5 ගන්තියට අනුව ස්වේච්ඡාවෙන් පුරවැසිභාවය අහෝසි කර ගන්නා ආකාරය එහි සඳහන් කර තිබේ.

පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයදුම්පත්‍ර භාර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය පිළිගැනීමෙන් පසු නිසි දිවුරුම් ප්‍රකාශයක් කොට ගුවන් ගමන් බලපත්‍රයද භාරදිය යුතුය. පුරවැසිභාවය අහෝසි කර ගැනීමේ අයදුම්පත්‍රය භාරදීමෙන් පසු එය ප්‍රතික්ෂේප වන්නේ අවස්ථාවන් දෙකකදී පමණක් බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර ඇත.

සිහි කල්පනාවෙන් තොරව එම ආඅයදුම්පත භාර දීම හා කුඩා වියේ සිටින දරුවෙකු විසින් පුරවැසි බව ප්‍රතික්ෂේප කිරීමේ අයදුම්පත භාර දීම එම අවස්ථා දෙක ය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මෙම මස 26 වැනි දිනය සිට අප්‍රේල් 12 දක්වා කාලය තුළ විදේශ ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහධිකරණය පසුගිය 15වනදා අවසර ලබාදුන්නේය. ඒ අනුව ඇමෙරිකාවේ වෙසෙන තම පුතුගෙන්ද එරට සිටින සිය හිතවතුන්ගෙන්ද සමුගෙන නැවත අප්‍රේල් දොළොස් වැනි දින යළි පැමිණීමෙන් පසු සෙසු ලිපිලේඛන තානාපති කාර්යාලයට භාර දීමට සැලසුම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයට ගොස් දිවුරුම් ලබා දී සිය සන්තකයේ ඇති ගුවන් ගමන් බලපත්‍රය භාරදීමට නියමිතය.
කෙසේ වෙතත් පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර අයදුම්පත්‍රයක් සකස් කර තානාපති කාර්යාලයට භාර දුන් පසුව එය නැවත අවලංගු කර ගැනීමට නොහැකි බව තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

– සති අග අරුණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More