දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව අවසන් තීන්දුවක් ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජපක්ෂවරුන් අතර හමුවක් පැවත්වී තිබේ. චමල්, මහින්ද, බැසිල්, ගෝඨාභය යන සහෝදරයන්ද, නාමල් රජපක්ෂ සහ ශශීන්ද්‍ර රාජපක්ෂද මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

කොළඹ විජේරාම මාවතේ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වී ඇත.

මේ වනවිට ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා වී ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගෙන ඇත. එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉදිරි භූමිකාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

කෙසේ වෙතත් අපේක්ෂකයා නිල වශයෙන් නිවේදනය කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිදු වනු ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More