දේශීය පුවත්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් පල්ලි දෙකක් අසල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් 20කට අධික පිරිසක් තුවාල ලැබූහ.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පැවසුවේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකන අතර, එය “නවසීලන්තයේ අඳුරු ම දින අතරින් එකක්” බවය.

එරට පොලිසිය පැවසුවේ, වයස 25-30 අතර පුරුෂයෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලද අතර, ඔහු සෙනසුරාදා උදෑසන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

වෙඩි තැබීම්වලට අදාළව තවත් පුරුෂයින් දෙදෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් අතර අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව ද පොලිස් කොමසාරිස් මයික් බුෂ් සඳහන් කළේය.

සිකුරාදා යාඥා සඳහා ඉස්ලාම් භක්තිකයන් පල්ලියට රැස්ව සිටියදී එල්ල වූ ප්‍රහාරය නවසීලන්ත ඉත්හාසයේ එල්ල වූ දරුණුතම ප්‍රහාරයය.

මෙම ප්‍රහාරය එල්ල වූ දේවස්ථානයට ඉතා ආසන්නයේ පිහිටි සිය සේවා ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෙකු වන හේෂාන් පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසුවේ, “දහවල් 12.30ත් 1.30ත් අතර කාලයේ මෙය සිදුවූ” බවය.

“මම ඒ වෙලාවේ පල්ලිය කිට්ටුව තියෙන මගේ ඔෆිස් එකේ හිටියේ. ප්‍රහාරයෙන් පස්සේ හැම ඔෆිස් එකක් ම ලොක් කළා. මගේ වයිෆ් වැඩ කරන්නේ ඉස්කෝලෙක. අපි හැමෝම ඔෆිස්වල හිර වුණා. දැන් ටිකකට කලින් තමයි අපිට ගෙදර යන්න ලැබුණේ. දැන් පාරේ ගොඩක් වාහන තදබදයක් තියෙනවා.”

හේෂාන් පෙරේරා සඳහන් කළේ, නවසීලන්තය තුළ ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධි ඉතා විරල හෙයින් මෙම සිදුවීම නිසා එරට වැසියන් බෙහෙවින් තැති ගැන්මකට ලක්වූ බවය.

“මීට අවුරුදු 8කට කලින් මෙහෙ භූ කම්පනයක් ඇති වෙලා 200 දෙනෙක් විතර මැරුණා. ඒ කම්පනය තවමත් මෙහෙ මිනිස්සුන්ට තියෙනවා. ඒ අතරේ මේ වගේ ප්‍රහාරයක් එල්ල වුණ එක ඒ අයට ලොකු ෂොක් එකක්. සාමාන්‍යයෙන් නවසීලන්තයේ අපරාධ ක්‍රියා සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්,” හේෂාන් සඳහන් කළේය.
BBC

නවසීලන්ත වෙඩි තැබීම: අගමැතිනී ජසින්ඩා ආර්ඩන් පවසන්නේ සිකුරාදා (මාර්තු 15) වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් බවය.

Gepostet von BBC News සිංහල am Freitag, 15. März 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More