ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව ඔවුන් සමඟ පුළුල් නව ජාතික සන්ධානයක් ගොඩනැංවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන සෙසු දේශපාලන පක්ෂ සමග සකච්ඡා ආරම්භ කිරීමට නියමිත බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙම පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීමෙන් අනතුරුව මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රාජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු දේශපාලන
පක්ෂ රැසක් නව පුළුල් ජාතික සන්ධානය ගොඩනැංවීමේ සාකච්ඡ ආරම්භ කිරීමට සූදානමින් සිටින බවත් තවත් විවිධ සංවිධාන ඇතුළු අණ්ඩු විරෝධී බලවේග රැසක් මෙම පුළුල් සන්ධානය සමග එක්වීමට කැමැත්තෙන් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...