දේශීය පුවත්

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 250 කට වැඩි ආසන්න ප්‍රමාණයක්, හම්බන්තොට පහළ අන්දරවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් තිබු කුඩා ලොරියක් නවත්වන ලෙස සංඥා කළද එය නොනවත්වා ධාවනය කළ බැවින් ලොරිය හඹා ගිය සුරියවැව වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අද (15) පෙරවරුවේ මෙම ලොරිය සහ පුපුරණ ද්‍රව්‍ය පහළ අන්දරවැවදී අත්අඩංගුවටගනු ලැබ තිබේ.

ලොරියේ තිබී ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 25 කොට්ට 09ක්, අධිබලැති පුපුරණ ද්‍රව්‍යක් වන ජෙලට් නයිට් කූරු 196ක් සහ විදුලි ඩෙටනේටර් 100ක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලද ඔත්තුවකට අනුව මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වි තිබේ.

සැකකාර රියදුරු වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා හම්බන්තොට පොලිසියට බාර දි තිබේ. පුපුරණ ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More