ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවෙ සාමාජික හිරු මාකේවිට පසුගිය 13 වන දින ජිනීවාහි පැවැත්වෙන 40 වන මානව හිමිකම් සැසිවාරයේදී මේ බව අනාවරණය කළේය.
වර්ගවාදය අවසන් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියේ 19 වන වගන්තිය අනුව ජාතීන්ට සමාන ලෙස නොසැලකීම මානව වර්ගයාට කරන වරදක් බවත් උතුරෙන් අවතැන්වුන සිංහල ජනතාව යලි එහි පදිංචි කිරීමට ටී. එන්. ඒ. පක්ෂය සහ උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමති විග්නේෂ්වරන් විරුද්ධ බවත් මාකේවිට මහතා එහිදී අනාවරණය කර සිටියේය.
මෙවැනි සිදුවීම් ජාතීන්ට සමාන ලෙස නොසැලකීමක් වන බැවින් එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු අවධාරණය කර සිටියේය.
එසේම රෝම ප්‍රඥප්තියේ 7 වන වගන්තිය අනුව පුරාවිද්‍යා ආයතන විනාශ කිරීම මානව වර්ගයාට එරෙහිව කරන අපරාධයක් සහ වර්ගවාදයක් වන බවත් ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් එයට අනුබල දෙන බවද පවසා සිටියේය.
මේ අනුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවට හඩ නගන ටී. එන්. ඒ. පක්ෂය සහ විග්නේශ්වරන් යනු මානව හිමිකම් කඩකරන්නන් හා වර්ගවාදීන් වන බවද මාකේවිට මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...