දේශීය පුවත්

රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලනිපය අතර එකගතාවයෙන් පුළුල් සන්ධානයක් ගොඩ නැගීම දිනෙන් දින කල් යාමෙන් එහි බෙදීමක් ඇතිවේයැයි සිතා ඉන් වාසි ලබාගෙන මීළඟ ජනාධිපතිවරයා වීමට රනිල් වික්‍රමසිංහ මහතා ගල් ඉබ්බෙක් මෙන් ගණන් බලන බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ පසු තමනට ජය ලැබෙන්නේ යැයි වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේදී සිහිනයක් දකිමින් සිටින බවද ඔහු කියා සිටී.

ඇතැම්විට රාජපක්ෂවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදී ඇතැයි ද තමන් උපකල්පනය කරන බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති වුවහොත් මෙම ධුරය කෙතරම් දුෂ්ට පදවියක්දැයි තේරුම් ගත හැකි වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු ගේ නිවසේ දී පවත්වා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More