දේශීය පුවත්

මෙවර අයවැය තුළින් රුපියල් හැටදහසක බද්දක් අලුතින් එකතු කිරීම හේතුවෙන් ත්‍රීරෝද රථයකට අයකරන බදු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසනවා.

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්ෂ අටකට අධික වන අතර, එම මුදලින් රුපියල් හාරලක්ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවයි එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ.

ත්‍රිරෝද රථ හිමියන්ට සහන ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් පවා භාරදී තිබියදී ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවද ඒ මහතා කියාසිටියා.

සුනිල් ජයවර්ධන මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ බදු හේතුවෙන් ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටින බැවින් ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි.

එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරි මැතිවරණවලදී ත්‍රිරෝද රථ හිමිකරුවන් ආණ්ඩුවට ප්‍රතිචාර දක්වනු ඇති බවද ඒ මහතා අවධාරණය කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More