මොරටුමුල්ල ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෛනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
නාඳුුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් තිබේ. වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාට අමතරව තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ ආමි මංජු නැමැත්තා සහ තවත් පුද්ගලයකු බව හඳුනාගෙන ඇති අතර ඔවුන් මොරටුව අධිකරණයේ නඩු කටයුත්තක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
ආමි මංජු නැමැත්තා සිය බිරිඳ, පුතා සහ මිතුරකු සමඟ ත්‍රිරෝද රියෙන් පැමිණෙමින් සිටියදී කොස් පැලෑන පාලම අසළදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මොවුන්ට වෙඩි තබා පලා ගොස් තිබේ.
මිය ගිය ආමි මංජු නැමැත්තා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය සඳහන් කරයි. පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...