දේශීය පුවත්

ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.

බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්ෂමන් කිරිඇල්ල සභානායකවරයා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.

ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වූ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දුන්නේය.

ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.

එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පසුපෙළ මන්ත්‍රීවරුන් අසලට පැමිණ යමක් කියනු දක්නට ලැබිණි. ඇතැම් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීවරයාට සවන් දෙන බවක් දක්නට නොලැබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More