දේශීය පුවත්

රට බේරාගැනිම සඳහා අයවැය පරදවා නව ආණ්ඩුවක් බිහිකිරිමට රටට ආදරය කරන දේශපාලනඥයින් කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණු ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න පවසයි.

අයවැය පරාජයට පත්කළහොත් රටේ ජනතාවට රට කරවන්න සුදුසු පාලනයක්, පාර්ලිමේන්තුවක් හදාගන්න වරමක් හිමිවන බවත් එම නිසා පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරුන්ගෙන් තම යුතුකම ඉටුකරන ලෙස ඉල්ලා සිටින බව ඔහු පවසා තිබේ.

බදුල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව ගෙදර යැවීම හරහා වැඩි වාසිය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ පාර්ශවයකටයි. එය නොසළකා හරිමින් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම ආණ්ඩු මාරුවකට එනම් මුහුණු මාරුවකට අනුබල දෙමින් සිටියි. මේ මුහුණ වෙනුවට වෙන මුහුණක් ආදේශ වූ පමණින් ප්‍රශ්නය නොවිසිඳෙන බව ඔවුන්ට අමතකව ගොස් තිබේ. 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු සමන්ත විද්‍යාරත්නට එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි විය. එම නිසා ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ජනතාව සංවිධානය කිරීම පසෙක තබා නැවත ඔවුන්ගේ උත්සාහය වී ඇත්තේ තවත් මන්ත්‍රීධූර ප්‍රමාණයක් වැඩිකර ගැනීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More