දේශීය පුවත්

ඊයේ (12) පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයේදී මන්ත්‍රීවරු 29 දෙනෙක් අයවැය ඡන්දය සඳහා නොපැමිණි අතර ඉන් බහුතරය එජාප – ශ්‍රීලනීප හවුල් ආණ්ඩුව නියෝජනය කල හිටපු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වීම විශේෂයකි.

අද (13) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය විවාදයට ගන්නා නිසා මේ අවස්ථාවේ බෙදීමක් ඇති නොකර ගැනීමට අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම වර්ජනය කිරීමට ජනාධිපති වරයාගේ ඉල්ලීම මත තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අප වෙත සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවෙනිවර කියවීමට විරුද්ධව ඡන්දය දුන්නේ නම් කිහිපදෙනෙකු පක්ෂ වීමට සූදානමකින් සිටි බවට තොරතුරු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ ඡන්දය නුදුන් මන්ත්‍රීවරුන්..

එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. නිමල් සිරිපාල ද සිල්වා
2. දයාසිරි ජයසේකර
3. මහින්ද අමරවීර
4. එස්බී දිසානායක
5. දුමින්ද දිසානායක
6. සරත් අමුණුගම
7. මහින්ද සමරසිංහ
8. ෆයිසර් මුස්තාෆා
9. රංජිත් සියඹලාපිටිය
10. වීරකුමාර දිසානායක
11. තිලංග සුමතිපාල
12. සාරතී දුශ්මන්ත
13. මොහාන් ලාල් ග්‍රේරු
14. මලිත් ජයතිලක
15. ලසන්ත අලගියවන්න
16. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා
17. කේ.කාදර් මස්තාන්
18. අංගජන් රාමනාදන්
19. ශාන්ත බණ්ඩාර
20. ඩග්ලස් දේවානන්ද

එක්සත් ජාතික පක්ෂය
1. විජේදාස රාජපක්ෂ
2. අතුරලියේ රතන හිමි
3. අශෝක ප්‍රියන්ත
4. දුනේෂ් ගන්කන්ද
5. එස්.බී නාවින්න

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද ඡන්දය දීමෙන් වැලකී සිටින ලදි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More