උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම අප ලත් ජයග්‍රහනයක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවසීය.
ඒ ඊයේ (12) පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් පැවසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“උතුරු නැඟෙනහිර ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට මුදල් වෙන් කර තිබෙනවා. රට දැඩි ණය උගුලක සිර වී තිබෙනවා.දෙමළ ජනතාවත් අනෙකුත් ජනතව වගේ සංස්කෘතික අනන්‍යතාවයකින් සිටින ජනතාවක්.දෙමළ ජනතාව සම්පූර්ණ සහාය ලබාදෙනවා. අපට හැකි සියලු දේ දේශපාලන විසඳුමක් වෙනුවෙන් සිදු කරනවා. අප කැප වී සිටිනවා . නොබෙදුණු රටක් තුළ දේශපාලන විසඳුමක් ලබාගැනීම අපේ අරමුණයි. රටේ ආර්ථිකයකට මෙය බලපානවා. මේ සඳහා දේශීය ආයෝජන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද කියලා අවධානය යොමු කළ යුතුයි.“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...