දේශීය පුවත්

යම් හෙයකින් අද (13දා) දින එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ක්‍රියා කළහොත් හෙට (14දා) දින නව අග්‍රාමාත්‍යවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.

එම නිසා හැකි නම් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය අද දින පාර්ලිමේන්තුවේදී පරාජය කර පෙන්වන ලෙසට තමා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුවේ ප්‍රධානියා වන නිසා ආණ්ඩුවේ ප්‍රධානියාගේ වැය ශීර්ෂය පරාජයට පත් කළහොත් අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය අහෝසි වන බවත් ඒ අනුව නව අගමැතිවරයකු සමඟ නව ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකි බවත් ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දෙයි.

තමන්ගේ වැය ශීර්ෂය පරාජය කරන කිසිදු විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් සමඟ ජනාධිපතිවරයාට යා නොහැකි බවත් එම නිසා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ක්‍රියා කිරීමට ජනාධිපතිතුමාට කිසිදු බාධාවක් නොමැති බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More