විදේශ පුවත්

2020 වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ආරක්ෂාව සඳහා කෙරෙන වියදම 4%කින් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 750ක් දක්වා ඉහළ දැමීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත.

2020 අයවැය යෝජනා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඊයේ(11) ප්‍රකාශයට පත් කළ අතර ඉදිරියේ එක්සත් ජනපදයේ ආරක්ෂාව, සමෘද්ධිය හා නායකත්වය රදා පවතින්නේ ඉන්දු-ෆැසිෆික් කලාපයේ සාමකාමී තත්වය මත බව පවසමින් එම අරමුනු සදහා ආරක්ෂක වැයශිර්ෂය ඉහළ දමා ඇත.

ආරක්ෂාව සඳහා කෙරෙන වියදම් 4%කින් ඉහළ නංවමින් විදේශ රටවලට ලබා දෙන ආධාර ඇමෙරිකානු ඩොලර් බිලියන 13කින් අඩු කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇත. ලබන වසර සඳහා ඇමෙරිකානු ආර්ථිකයේ වියශීර්ෂ ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇති සම්පූර්ණ මුදලේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.746 වන අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 5%ක වර්ධනයක් යැයි ද පැවසේ.

එමෙන්ම 2020 වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙන් කර ඇති මුදල 23%කින් ද, සුබසාධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල ඩොලර් බිලියන 22කින් ද , ආහාර සහන මිලට ගැනීමට ලබාදෙන වව්චර් පත් සඳහා වෙන් කෙරෙන මුදල ඩොලර් බිලියන 17කින් අඩු කිරීමට ද ට්‍රම්ප් ජනාධිපතිවරයා තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More