අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 76ක් පමණ යි.
ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05 වනදා මෙම වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසිම පැවැත්විණ. එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා, ඒ.එච්.එම් ෆවුසි, පියසේන ගමගේ යන මන්ත්‍රිවරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.
එක්සත් ජාතික පෙරමුණ සමග ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය හෙට සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...