දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරියට 30 වසරක යුද සමයේ පමණක් නොව පෘතුගීසි ලන්දේසි පාලන සමයේ සිදුව ඇති මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද සොයා බැලීමට අවස්ථාව උදා වී ඇති බව සමාජ ක්‍රියාකාරිනී අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

අද (12) පෙරවරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

මෑත කාලීනව අහම්බෙන් සොයා ගැනුණු මන්නාරම සමූහ මිනී වළ පිළිබද කැනීම් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් සිදු කෙරුණු බවත් මානව හිකම් ගැන කතා කරන කොමසාරිස්වරිය යුද අපරාධ පිළිබද දෙමුහුන් අධිකරණ පිහිටුවීමට පෙර එම වාර්තා පිළිබදවද සොයා බැලිය යුතු බව ඇය අවධාරණය කර සිටියාය.

ඇමරිකානු රසායනාගාරයේ කාබන් වාර්තාව හෙළිදරව් වීමට පෙර හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා ඇතුළු පාර්ශ්ව පහක්‌ මන්නාරම සමූහ මිනීවළෙන් හමුවූ සිරුරු 300 ක්‌ සහ ළමා සිරුරු 23 ක්‌ හමුදාව විසින් ඝාතනය කළ ද්‍රවිඩ ජනතාවගේ බවට වාර්තාවක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ වෙත ඉදිරිපත් කර තිබු බවට වාර්තා පළ විය.

මෙම මිනීවල වීඩියෝ ගත කළ බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනියේ ජොනතන් මිලර් ද මිනී වළෙන් හමුවූ අස්‌ථි කොටස්‌ පිළිබඳව ශ්‍රී ලංකා හමුදාවට චෝදනා එල්ල කර තිබිණි.

මේ හැර මුලතිව් අතුරුදන්වූවන්ගේ සංවිධානයේ නායිකා ලීලාදේවි නමැත්තිය ද මානව හිමිකම් කොමසාරිස්‌වරිය හමුවේ පැමිණිල්ලක්‌ කරමින් මන්නාරම මිනීවළෙන් හමුවූ ළමා අස්‌ථි කොටස්‌ හමුදාවට භාර දුන් ළමුන්ගේ බවට ද ඔවුන් සදහන් කර තිබුණි.

මෙම මාධ්‍ය හමුවට පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම, නීතිඥ කල්‍යානන්ද තිරාණගම, අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු ජාතික සමතා බලවේගයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More