හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරියගෙ නිවසේ ඊයේ (11) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වී තිබේ. ඒ ව්‍යවස්ථාදායක සභාව විසින් මීලගට තීරණය කළයුතු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර තනතුරට පත්කරනු ලබන්නා පිළිබව ය. පැය දෙකකට වැඩිකාලයක් පුරා පැවැති මෙම සාකච්ඡාවේදි තීරණය කොට ඇත්තේ වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දී පුරප්පාඩු වන ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිනිශ්චයකාර තණතුරට පත් කිරීමටයි. තව දින කීපයකින් වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රවිනිශ්චයකාර වරයා විශ්‍රාම යාමට නියමිතය .
මෙම රහසිගත සාකච්ඡාවට සහභාගි වී සිටි පුද්ගලයන් අතර ව්‍යවස්ථා සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය ද විය. ඊට අමතරව අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මලල්ගොඩ, නීතිපති ජයන්ත ජයසූරිය, නීතිඥ ජේ. සී වැලිඅමුණ හා නීතිඥ උපුල් ජයසූරිය සහභාගි වී තිබේ.
ව්‍යවස්ථාදායක සභාවේ තින්දු තීරණ පිළිබඳව දැඩි ආන්දෝලනයක් හට ගෙන ඇති සමයක එය උත්තරීතරම අධිකරණය සම්බන්ධව තීන්දු ගන්නේ මේ අයුරින් නම් අධිකරණයේ ස්වාධීනත්වය ගැන ඇති වන්නේ දැඩි ප්‍රශ්නාර්ථයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...