දේශීය පුවත්

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාට අයත් මෙරට හෙරොයින් ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය එහි තිබී රුපියල් කෝටි 170 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අවි ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් ඊයේ (11) සවස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හෙරොයින් ගබඩාව මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙහි තිබී සොයා ගත් හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 161 ක් බවද විශේෂ කාර්ය බළකාය කියා සිටියේය. මෙම හෙරොයින් ගබඩාවේ සිටි මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධාන ගෝලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ මෙහෙයුමකින් පසු මෙම හෙරොයින් ගබඩාව වැටලීමට හැකි වී ඇත.

මධුෂ්ගේ හෙරොයින් ගබඩාවේ තිබී ජීව උණ්ඩ පෙට්ටි 4 ක්, ටී56 ගිනි අවි උණ්ඩ 2500 ක්, විදේශ රටක නිෂ්පාදිත මයිකෝ පිස්තෝලයක් ඊට අදාළ උණ්ඩ තොගයක් හමු වී තිබේ.

මෙම හෙරොයින් ගබඩාවේ පාලකයකු ලෙස කලක් කැලූම් ඉන්දික නමැති මධුෂ්ගේ සමීපතම සගයා කටයුතු කරමින් සිට ඇති බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.

කැලූම් ඉන්දික නමැත්තා රුපියල් කෝටි 500 දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔහු බන්ධනාගාරගත කර සිටියි.

කැලූම් ඉන්දික නමැත්තා මොරටුව ප‍්‍රදේශයේ සුවිසල් නිවසක් ද ඉදිකරන අතර මොහු මෙම හෙරොයින් ගබඩාව ද පාලනය කරමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මුහුදු මාර්ග ඔස්සේ රැගෙන එන මාකඳුරේ මධුෂ්ට අයත් හෙරොයින් තොග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවලට බෙදාහැරීම සඳහා මොරටුවේ මෙම ගබඩාවේ සඟවා තබන බව ද අනාවරණය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More